මූලික හැදින්විම,පාසල් ඉතිහසය සහ පසුබිම
රත්නපුර අධ්‍යාපන කලාපයේ කුරුවිට කොට්ඨාසයේ තිබෙන ප්‍රමුඛතම පාසල වන ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය 1949 වර්ශයේ ජනවාරි 04 වන ඩින කුරුවිට "ජූනියර් ස්කූල්" ශිෂ්‍යන් 17 ආරම්භ කර ඇත.එම්.එ.සිරිවර්ධන මහතා විඩුහල්පති ලෙස කටයුතු කර ඇත.සින්හල භාෂාව හා සහිත්‍ය යන විෂයන් හැර අනෙකුත් විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විම් සිදු කර ඇති අතර දෙවරු පාසලක් ලෙස ක්‍රියත්මක වී ඇත.
1951 වර්ෂයේදි ර/හිග්ගස්වත්ත සීනියර් ස්කූල් බවට පත් වි ඇත.
1954 වර්ෂයේදි මහා විද්‍යාලයක් බවට පත්විය.
1973 වර්ෂයේදි ඩී ඒ සී සිරිල් ගුණවර්ධන මහතා විසින් පාසල් ගීතය නිර්මණය කර ඇත.
1986 වර්ෂයේදි පර්ෂද මූලස්ථාන විද්‍යලයක් ලෙස සංවර්ධනය විය.
1992 වර්ෂයේදි මාධ්‍ය මහා විද්‍යලයක් බවට පත් වී ඇති අතර ප්‍රේමසිරි කුමාරසිරි මහතා විදුහල්පති ලෙස කටයුතු කර ඇත.
2015 වර්ෂයේදි ද්විතීක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසහටහන යටතේ මහිදෝදය තක්ශණික විද්‍යාගාරය ඉදි කිරීම.
2018 වර්ෂයේදි 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය ප්‍රවේශ අංශය ආරම්භ විම.
එදා මෙදා තුර විදුහලෙහි නායකත්වය දැරූ බොහෝ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් රෑසකගේ කැපවීම තුලින් විඩුහලට අවශ්‍ය භෞතික සම්පත්,මානව සම්පත්,සනීපාරක්ෂක පහසුකම් ලබා හගැනීමට හැකි වී තිබේ.අක්කර 08 ක විශාල භූමි ප්‍රම්මණයක් 1 AB වර්ගයට අයත් පළත් සහා පාලනය යටතේ පවතින පාසලක් ලෙස පැවති මෙම පාසල ගෙවීගිය 71 වසරක ඉතිහාසය තුළ ජනප්‍රියතාවය,අධ්‍යාපන ප්‍රගතිය ද ඉහළ යමින් ප්‍රදේශයේ දූදරුවන් වෙත සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් සිටී.
2021 වර්ෂයේදී ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ හජාතික පාසලක් ලෙස නම්කර ඇත.
මේ වන විට 2000 ඉක්මවූ ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක් පාසලේ අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය 112 දෙනෙකුගෙන් සමන්විත වේ.6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති ක්‍රියාත්මක වන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම් ආරම්භ වී පසුව සිංහල මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපන කටයුතු සිදු කර වර්ථමානයේ සිංහල සහ ඉංග්‍රීසි යන භෂා මාධ්‍ය දෙකෙන්ම අධ්‍යනය සිදු කරනු ලැබේ.
අ.පො.ස.(උ.පෙළ)සදහා කලා,වාණිජ,විද්‍යා හා තාක්ෂණික විශයධාරා යටතේ අධ්‍යපනය හැදැරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලබා දී ඇත.එසේම 13 වසරඛ අඛණ්ඩ අධ්‍යපනය වැඩ සටහන යටතේ වෘත්තීය ප්‍රවේශය සදහා විෂය කාණ්ඩ කීපයක් ක්‍රියාත්මක වීම සුවිශේෂ වේ.කුරුවිට කොට්ඨාසය තුළ මෙන්ම ඉන් බාහිරව ද දරුවන් රැසකගේ අධ්‍යාපන අවශ්‍යතාව සපුරාලන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)මේ වන විට සමාජයට යහපත් පුරවැසියන් බිහිකිරීමේ සුවිශේෂි මෙහෙවරක නිරත වෙමින් සිටී.
|
ආරම්භ කළ වර්ෂය |
1949 වර්ශයේ ජනවාරි 04 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා |
එම්.ඒ.සිරිවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
03 |
|
පාසලේ නම |
කුරුවිට ජූනියර් ස්කූල් |
| මුල් ගුරුතුමාගේ නම |
එම්.ඒ.සිරිවර්ධන මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
වික්ටර් බණ්ඩාර |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එස්.ඇලිස් නෝනා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1949 ජනවාරි 04 වන දින |