• (+94) 045-2262018
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kuruwita M.M.V.

ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Rathnapura Zone

  • Register
  • Login
Kuruwita M.M.V.

ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ දල සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
    • ජයග්‍රහණ විශ්ලේශණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ පණිවිඩ

 කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය

 නියෝජ්‍ය විදුහල්පති ( පරිපාලන)
 ශශිකා කුලරත්න මහත්මිය

 දරුවන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම සහ නිර්මාණශීලිත්වය ප්‍රායෝගිකව භාවිතා කරමින් ලොවට එළිදක්වන කුරුවිට ජාතික පාසලේ වෙබ් අඩවිය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන මාවතේ තවත් එක් සන්ධිස්ථානයකි. පාසලේ අභිමානය, දරුවන්ගේ හැකියාවන් සමගින් ඉදිරිපත් කිරීමට මේ ප්‍රයත්නය මහගු අත්වැලක් වේ යැයි විශ්වාස කරමි. තොරතුරු තාක්ෂණ විෂයෙහි වැදගත්කම ඉහල ගොස් ඇති අවධියක මෙවන් කාර්යයකට සම්බන්ධ වී⁣ම සිසුන්ට ද වටිනා අත්දැකීමක් වනු ඇත. පාසලේ තොරතුරු මේ අයුරින්  පාසල් ප්‍රජාව සමග බෙදා ගැනීම පාසලේ අධ්‍යාපන සහ භෞතික සංවර්ධනයට ද ශක්තියක් වනු නොඅනුමානය. අනාගතයේ දී දරුවන්ට තාක්ෂණය සමග ගැටෙමින් තම අධ්‍යාපන කටයුතු සිදුකිරීමට මෙය  අගනා පිටුවහලක් වනු ඇත. තාක්ෂණය සමග මුසුවුනු අපේ දරුවන්ගේ හැකියාවන් ඔප දමමින් මෙම කාර්යය වෙනුවෙන් කැපවුණු අ⁣පගේ ඇදුරුමඩුල්ලට ස්තුතිවන්ත වන අතර කුරුවිට ජාතික පාසලේ නාමය බැබලවීමට සියළු දරුවන්ට ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා  කරමි.

 

 

 නියෝජ්‍ය විදුහල්පති ( අධ්‍යාපන සංවර්ධන)
මේධානි විජේසිංහ මහත්මිය

 

ඵලදායි ලෙස මානව හා භෞතික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ගුණාත්මක සංවර්ධනයක් කරා පියනගන කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය, සමස්ත ප්‍රජාව වෙත කාර්යක්ෂම ලෙස තොරතුරු සම්ප්‍රේෂණය කිරීම් සඳහා අප පාසල විසින් මේ නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය මගින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට  හැකියාව ලැබී ඇත. පාසල ලබාගන්නා ජයග්‍රහණය මෙන්ම පාසල ළඟාකර ගන්නා සුවිශේෂී තත්ත්වයන් පිළිබඳව තොරතුරු මුළු මහත් විශ්වයට මුදා හැරීමට මෙය ඉතා හොඳ මාධ්‍යයක් ලෙස  ප්‍රයෝජනයට ගත් හැකි වේ.

 විදුහල්පතිතුමාගේ උපදෙස් මත තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුභවතුන්ගේ  මගපෙන්වීමෙන් තොරතුරු හා තාක්ෂණ විෂය හදාරනවා ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ  හැකියාවන් යොදා යොදාගනිමින් නිර්මාණය වූ මෙම වෙබ් අඩවිය පාසල සඳහා ලැබුණු මහඟු  දායාදයකි. මේ සඳහා කැපවී කටයුතු කළ තොරතුරු හා තාක්ෂණ අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට, තොරතුරු තාක්ෂණ විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, ඔවුන් මෙම කාර්යය සඳහා මෙහෙය වූ නියෝජ්‍ය විදුහල්පති මහත්ම මහත්මීන්ට හා විදුහල්පතිතුමාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.

 නියෝජ්‍ය විදුහල්පති ( විෂය සමගාමී)
චතුරි රණසිංහ මහත්මිය

 

 

කුරුවිට ජාතික පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පිළිබඳව මුලින්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයට හා එයට සම්බන්ධ වූ සියලුම දූ දරුවන්ට මුලින්ම සුභ පැතුම් පිරිනමමි.
මේ ඔස්සේ පාසලේ ක්‍රීඩා, සෞන්දර්ය, විෂය බාහිර ක්‍රියා ක්‍රියාකාරකම් පාසල් ප්‍රජාවට ජාතික තලයට, ජාත්‍යන්තරයට ඔසවා තැබීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත.තවද පාසලේ කීර්තිනාමය නන්දිග පැතිරීම මගින් දරුවන්ට ජයග්‍රහණයන් පිළිබඳව බාහිර සමාජයටද ඉඩ ප්‍රස්ථාව විවර වේ එසේ ම එමගින් පාසල් දරුවන්ට පාසල පිළිබඳව තොරතුරු ලබාගත හැකි බැවින් ඔවුන්ගේ අනාගත සුභසිද්ධියට මෙය හේතුවක් වනු ඇත.

 

Kuruwita M.M.V.

ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

 R/Kuruwita M.M.V, Kuruwita

(+94) 045-2826201

(+94) 045-2262018

 

 

R/ Kuruwita Central College | Kuruwita | Facebook

 

 

Supported By

© 2026 Kuruwita M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk