කුරුවිට ප්‍රදේශයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනුම ලබන සිත් ගන්නා සුළු පරිසරයක පිහිටා ඇති කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය , විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට දස්කම් දක්වන දරු පිරිමකගෙන් හෙබි පාසලකි. මෙහි දීර්ඝ කාලයක් බාලදක්ෂ කටයුතු සිදු කරගෙන ගිය අතර 2014 වර්ෂයේ සිය හය තවදුරටත් ක්‍රියාකාරී වැඩසටහනක් බවට පත් විය.
දරුවන් වැඩ ලෝකයට ප්‍රායෝගිකව හුරු කිරීම , පරිසරයට, වටපිටාවට ආදරය කරන දරු පිරිසක් බිහි කිරීම, බාල දක්ෂ අංශයේ පාරිසරික ක්‍රියාකාරකම් මගින් සිදු කෙරේ.
ඒමෙන් ම විවිධ සමාජ ස්ථර හා ගැටෙමින් සැබෑ ලෝකය දකින්නට , ජීවිතය සතුටින් ගතකරන්නට , තම යුතුකම් හා වගකීම් , වගවීම් හරි හැටි හදුනාගෙන කටයුතු කිරීමට බාලදක්ෂ අංශයේ දරුවෙකුට පැතිකඩ ලැබේ.
මේ සියලු කාරණා සාක්ෂාත් කරගත් ආගමට,රටට,ජාතියට වගකියන දරුවෙකු නිර්මාණය කිරීම බාලදක්ෂ අංශයේ අරමුණයි.
