විවිධ සමාජ තරාතිරම් සහිත පවුල් පසුබිම් වලින් පැවිණෙන සිසුන් 2000 කට වඩි වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසලකි. සිසුනට නායකත්වය ලබා දීමට සුදුසු ආදර්ශමත් දක්ෂ සිසු නියමුවන් වාර්ෂිකව තෝරා පත් කර ගැනීම , ශිෂ්‍ය නායක සංසදය මදින් සිදු වේ. දක්ෂතා වර්ධනය වන සේ වැඩ මුළු පැවැත්වීමට හා පරිපාලන ව්‍යුහයට සිසුන් සහභාගි කර ගැනීමට හුරුකර ගැනීමට ශිෂ්‍ය නායක මණ්ඩලයේ වගකීමයි.
පාසලේ සිසු සමූහයට නායකත්වය ලබාදෙමින් මපුහුණුවන ශිෂ්‍ය නායක නායිකාවන් ජාතික මට්ටමෙන් කුසලතා පිරි පුරවැසියන් සේ සවිබලගන්නවමින් සමාජයට දායාද කිරීම අප පාසල තුලින් මෙතෙක් සිදුවී ඇති බව නිහතමානිව පවසන්නෙමු.




